ලබාදෙන කාබනික පොහොර පිළිබද පූර්ණ වගකීම රජය භාරගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
රජයෙන් ලබාදෙන කාබනික පොහොර භාවිත කර ගොවීන්ට යම් අසාධාරණයක් වුවහොත් ඊට වන්දි ලබාදෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
මේ පිළිබද චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ
කාබනික පොහොර වැඩසටහනේ වැරදි අඩුපාඩු දෙස පමණක් නොබලා එහි ගුණාත්මක තත්වය පිළිබදවද සොයා බලන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍යවේදින්ගෙන් ඉල්ලීමක් කලා.