ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත පාලනයට පසුගිය වසර එකහමාරක කාලය තුල සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 181 ක් වැය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ පැවති උත්සවයකදීයි මේ බව අණාවරණය කලේ. මෙම මුදල වැයකර ඇත්තේ පසුගිය වසර සදහා වෙන්වූ අයවැය ප්‍රතිපාදනවලට අමතරව වීම විශේෂත්වයක්.
අසීරු කාල පරිච්ඡේදයක මෙවැනි විශාල මුදලක් රටේ සෞඛ්‍ය පද්ධතියට වැය කිරිම රටක රජයක් ගත් ඉහළම සාධනීය පියවරක් බවයි කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරන්නේ.
මේ අතර ශ්‍රී ලංකාව ගෙනගිය ආසාදිතයින් නිවෙස් තුල රඳවා ප්‍රතිකාර කිරීමේ ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළිවෙල ලෝකයේම ප්‍රචලිත කළ යුතු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට සම්මානයක් ලබාදීමටද සුදානමින් සිටින බවද රඹුක්වැල්ල මහතා සදහන් කලා.
මේ වන විට බූස්ටර් එන්නත ලබාදෙමින් එන්නත්කරණය අතින් ලොව සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් බූස්ටර් එන්නත සදහා අවශ්‍ය ලක්ෂ 145 ක අනෙක් එන්නත් තොගය ඉක්මණින් රටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.