ලෝක ඒඩ්ස් දිනය දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම දෙසැම්බර් පළමුවනදාටයි එය යෙදී ඇත්තේ.
1995 වර්ෂයේ සිටම එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විසින් ලෝක ඒඩ්ස් දිනයේදී නිල ප්‍රකාශයක් සිදුකරනු ලබනවා.
ඒ අනුව යමින් අනෙකුත් ජාතීන්ගේ රජයන් ද මෙය අනුගමනය කරමින් හා ඒ හා සමාන ප්‍රකාශ නිකුත් කරනු ලබනවා.
1981 සහ 2007 අතරතුර කාලයේදී මිලියන 25 කට අධික ජනකායක් ඒඩ්ස් රෝගයට ගොදුරු වී මිය ගොස් තිබෙනවා.
2007 වන විට ලොවපුරා ඇස්තමේන්තුගත මිලියන 33.2 ජනතාවන් එච්.අයි.වී වැළැඳී ඒ හා සමග ජිවත්වෙමින් සිටින බව සදහන්.
එම නිසා ලේඛනගත ඉතිහාසයේ මහත් ව්‍යසනකාරී වසංගත අතුරින් එකක් බවට එච්.අයි.වී හැදින්වීමට හැකියි.
ලෝක ඒඩ්ස් දිනයක් පිළිබඳ ප්‍රථමවරට අදහස පහළවන්නේ 1987 වර්ෂයේ අගෝස්තු මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහකදීයි.
එහි මහජන තොරතුරු නිලධාරින් දෙදෙනෙකු වූ ජෙම්ස් බන් හා තෝමස් නෙට්ටර් වෙතයි ප්‍රථමයෙන් මේ සම්බන්ධ අදහස පහළවී ඇත්තේ.