ලොව විශාලතම නිල් මැණික් පොකුර රත්නපුර නිවසක් පිටුපස තිබී හමුවී ඇතැයි බී බී සී ලෝක සේවය වාර්තා කරනවා.
එය ජාත්‍යන්තර වෙළඳපොලේ ඩොලර් මිලියන 100 කට අධික වටිනාකමින් යුතුව අලෙවි කිරීමට හැකි වනු ඇති බවයි විශ්ලේෂකයන් සඳහන් කර ඇත්තේ.
කිලෝ 510 හෙවත් කැරට් මිලියන 2.5 ක බරකින් යුත් මෙම නිල් මැණික් පොකුර නිවසක් පිටුපස ළිඳක් කැපීමට යාමේදී අහඹු ලෙස හමුවී ඇති බවද සඳහන්.
ජාතික ස්වර්ණාභරණ සහ මැණික් අධිකාරිය පැවසුවේ මෙය කුරුවින්ද කුලයට අයත් ආරුනුල් මැණික් පොකුරක් ලෙසට හඳුනා ගත් බවයි.
