2023 වසරට අදාළ ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍ර හිමි රටවල් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අනුව ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍ර හිමි රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 100 වන ස්ථානයයි.
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් සහිත අයෙකුට ලොව පුරා රටවල් 42 ක නිදහසේ සංචාරය කල හැකියි.
මෙවරත් ලොව බලගතුම ගමන් බලපත්‍රය බවට ජපාන විදේශ ගමන් බලපත්‍රය පත්වී තිබෙනවා.
ජපාන පුරවැසිභාවය හිමි අයෙකුට රටවල් 193 ක නිදහසේ සංචාරය කල හැකි බවයි පැවසෙන්නේ.
දෙවන ස්ථානයට සිංගප්පූරුව සහ දකුණු කොරියාව පත්වී සිටිනවා.
