ලොව පළමු ඩී එන් ඒ කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව විසින් අනුමැතිය දී තිබෙනවා.
සයිකොව්-ඩී නම් මෙම එන්නතේ මාත්‍රා 03 ක් ලබා ගත යුතු අතර එමගින් රෝග ලක්ෂණ පහළවීම සියයට 66 කින් පමණ පහළ යන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
මෙය කොවිඩ් මර්දනය සඳහා ඉන්දියාව තුළ නිෂ්පාදනය කරන ලද දෙවන එන්නත වන අතර වාර්ෂිකව මාත්‍රා මිලියන 120 ක් බැගින් නිපදවීමටයි තීරණය වී ඇත්තේ.
මේ දක්වා ඩී එන් ඒ එන්නත් භාවිත කරනු ලැබුවේ සත්වයන් සඳහා පමණයි.
ඉන්දියාව තුළ මේ වනවිට කොවිෂීල්ඩ් – කොවැක්සින් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා කෝටි 57 ක් ලබාදී ඇති අතර වැඩිහිටි ජනගහණයෙන් සියයට 13 ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබෙනවා.
සියයට 47 කට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා දී අවසන්.