ලොව ජීවන වියදම අධිකම නගරය බවට ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය පත්වී තිබෙනවා.
එම නගරය මෙම ලැයිස්තුවේ ඉහළම ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙයයි.
නගර 173 ක භාණ්ඩ හා සේවා සඳහා යන වියදම තක්සේරු කරමිනුයි ජීවන වියදම් දර්ශකය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.
මෙවර එහි දෙවන ස්ථානයට ප්‍රංශයේ පැරිස් අගනුවරත් 03 වන ස්ථානයට සිංගප්පූරුවත් පත්වී තිබෙනවා.
ජපානයේ ඔසාකා නගරය පසුවන්නේ 10 වන ස්ථානයේයි.
ලොව ජීවන වියදම අඩුම නගරය බවට පත්ව ඇත්තේ සිරියාවේ ඩැමස්කස් නුවරයි.
