ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
දෙසැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකුළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබු රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩුකර තිබේ.
පසුගිය මැයි මස 18 වන දින සිට ටින් මාළු කිලෝග්‍රෑම්යක් සඳහා අය කළ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දමා ඇත.
