සංචරණ සීමා හෙවත් ලොක්ඩවුන් තත්වය ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔස්ටේලියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.
සිඩ්නි – මෙල්බර්න් – බ්‍රිස්බන් නගරවල පැවැත්වෙන විරෝධතා සඳහා අති විශාල ජනකායක් එක්ව සිටින බවයි එරට වාර්තා සඳහන් කලේ.
විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කලා.
සෞඛ්‍ය උපදෙස් නොතකමිනුයි විරෝධතාකරුවන් මෙම උද්ඝෝෂණවලට සහභාගී වී සිටින්නේ.
ඔවුන්ගෙන් බහුතරයක් මුව ආවරණ පැළඳ නොසිටීමද විශේෂත්වයක්.
