රජය අනුමත කළ ලීසිං සහන ජනතාවට ලබා නොදෙන මූල්‍ය ආයතන නියාමනයට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරියේදී දැඩිව කටයුතු කරනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මේ පිලිබද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කන්ඩායම් රැස්විමේදිද දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බවයි.
ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිගයක් හටගැනිමේ අවධානමක් ඇතිදැයි මාධ්‍යව්දීන් මෙහිදි ප්‍රශ්ණ කළා.
එවන් කිසිදු අවධානමක් නොමැති බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.
