2000 අංක 56 දරණ ලීසිං පණත සංශෝධනයට පියවර ගන්නැයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය මහ බැංකු අධිපති ඩබ්ලිඩ් ඩී ලක්ෂ්මන් මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
මහ බැංකු අධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සංගමය පෙන්වා දෙන්නේ ලීසිං වාරික සම්පුර්ණයෙන් ගෙවා නිමකළද අදාල පණත අනුව වාහනයක් නිදහස් නොකර ලීසිං සමාගම සතුව තබාගැනීමේ බලයක් පවතින බවයි.
සංගමයේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා කියා සිටියේ මෙම පණත පූර්ණ සංශෝදණයට ලක් නොකලහොත් ගැටලු ගණනාවක් ඇතිවිය හැකි බවයි.