පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබද ජනතා කෝපය අවුලුවාලන යම් කණ්ඩායමක් සිටින බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනා කප්පාදු කර හෝ රට ගොඩනැගිය හැකිනම් ඊට විරුද්ධත්වයක් නොමැති බවයි ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
පාර්ලිමේන්තුවේ ආපනශාලාව වසා දමා හෝ ජනතා මතයට අනුව ක්‍රියා කළ යුතු බවයි විවාදයට එක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නිළධාරීන් අද පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
ඒ බෙදාහැරිම් ප්‍රමාදයට හේතු සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෝප් කමිටුවේ සභාපතිවරයාට ඊයේ කල දැනුම්දීමට අනුවයි.
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා