අද රෑ සිට ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පවසයි.
මේ අතර කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300-400කින් පමණ අද රෑ සිට පහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගම පැවසීය.
පසුගිය මස 3වනදා ලිට්‍රෝ සමාගම සිදුකළ මිල සංශෝධනයේදී ද ගෑස් මිල අඩු කෙරුණි.
එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19කින් පහළ දැමුණි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,638ක්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,462ක් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 681ක් ලෙස මේ වනවිට මිල සටහන්ව තිබේ.
මේ අතර සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් මිල සංශෝධනයේ වාසිය ජනතාවට ලබාදීම සඳහා පාරිභෝගික අධිකාරිය මැදිහත්ව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවය.