බොහෝ ජනතාවට ආදායම් අහිමිව ඇති අවස්ථාවක භාණ්ඩ මිල ඉහළ නංවමින් වත්මන් ආණ්ඩුව උත්සහ කරනුයේ ජනතාව බඩගින්නේ තැබීම බවට සමගි ජනබලවේගය චෝදනා කරනවා.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතායි මේ බව කියා සිටියේ.
ඉන්ධන මිල ඉහළ දැමීමටද සූදානමක් පවතින බැවින් ඊට සමාගාමීව තවත් භාණ්ඩ කිහිපයකම මිල ඉදිරියේදී වැඩිවනු ඇති බවයි මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා ද එක්ව සිටියා.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෑස් සිලින්ඩරයක මිල ඉතාමත් වැඩි අගයකින් ඉහළ දමා ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී චෝදනා කලේ.