ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 03 වන පංතියේ දැනට පවතින අවම ගාස්තුව වන රුපියල් 10, රුපියල් 20 ක් දක්වා ඉහළ යනු ඇති.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබෙනවා.
දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමටයි යෝජනා කර ඇත්තේ.
