ලබන සඳුදා දිනයේදී පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇති.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇති බවයි.
ලබන අගහරුවාදා සිට අඛණ්ඩව දින 04 ක් පාර්ලිමේන්තුව රැස්වීමට, මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණා.
