ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් 21 සහ 22 යන දින දෙකට පමණක් සීමා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.
රජය විසින් නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළමුවනදා දක්වා දීර්ඝ කිරීම සහ පවතින සෞඛ්‍ය තත්වය සළකා බලා එලෙස දින 02 ක් පමණක් රැස්වීම් පැවැත්වීමට තීරණය වූ බවයි සභානායක කාර්යාලය නිවේදනය කලේ.