රුපියල් මිලියන දෙකට අඩු කරුණු සම්බන්ධ නඩු විභාග කිරීම සදහා විශේෂ අධිකරණයක් ලබන වසරේදී ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
මෙම නව අධිකරණය නම් කර ඇත්තේ සුළු හිමිකම් අධිකරණ නමින්. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරිමේ පණත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය අවලංගු කලේ කිසිවෙකුගේ බලපෑමක් නිසා නොවන බවද අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා දුන්නා.