මෙරට දුම්රිය ධාවනයේ මන්දගාමී බව හේතුවෙන් දුම්රිය සේවාව ජනප්‍රිය නොවන ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පෙන්වා දෙනවා.
ඊයේ පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබිමේ විවාදයේදීයි ඔහු මේ බව සඳහන් කළේ.
දැනට භාවිතයට නොගන්නා සියලුම දුම්රිය මාර්ග නවීකරණයකර කඩිනමින් භාවිතයට ගැනීමටත් මගී ප්‍රවාහනය සඳහා සැහැල්ලු දුම්රිය යොදාගැනීමටත් සැළසුම් කර ඇති බවද දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.
2022 අයවැය කාරක සභා අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යංශය – වාරිමාර්ග අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශ 05 ක වැය ශීර්ෂ අද දින විවාදයට ගැනීමට නියමිතයි.