ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන, විදුලිය, ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු සේවා අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙල සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා මේ බව පෙන්වා දී තිබුණා.
මෙම පෙත්සම් අද විජිත් මළල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබුවා.
මෙම අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරනු ලබන වැඩිදුර යෝජනා අඩංගු දිවුරුම් ප්‍රකාශයක් මීළග දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙසයි විනිසුරු මඩුල්ල විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නියෝග කළේ.
පෙත්සම් වැඩිදුර සලකා බැලීම අගෝස්තු මස 31 දා තෙක් කල් තබා තිබෙනවා.