ආසන ධාරිතාවය ඉක්මවා මගීන් රැගෙන යන බස් රථවල බලපත්‍ර හෙට සිට රජය භාරයට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා සියල්ල හෙට සිට නැවත ආරම්භ කෙරෙන බවයි ඔහු කියාසිටියේ.
ඒ අනුව ලංගම බස් රථ 6000 ක් හෙට සිට යළිත් ධාවනයට එක් කිරීමට නියමිතයි.
කාර්යාල දුම්රිය 152 ක් හෙට සිට ධාවනයට එක් කෙරෙන අතර දුර ගමන් සේවා Cලබන 05 වනදා සිට ක්‍රියාත්මක කරන බවත් දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කලා.
