කෙටිගමන් සේවා බස් රථ සදහා ලීටර් 75 ක් ද දුරගමන් සේවා බස් රථ සදහා ලීටර් 150 බැගින් ද ලංගම ඩිපෝමගින් පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන ලබා දෙන්නැයි බස් සංගම් ඉල්ලීම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීම අත්පිට මුදලට පමණක් සිදුවන බවයි.
මේ අතර දිවයින පුරා බස් රථ 10 000 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වෙමින් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කරනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව සදහන් කළා.