එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ඉදිරිපත් කරන ලද තර්ක හමුවේ මෙරටට විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවූ බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
වරින් වරට ශ්‍රී ලංකාව ලුහු බදිමින් විවිධාකාරයේ වාර්තා ඉල්ලීමෙන් ඇති ප්‍රයෝජන කවරේද / රටක අභ්‍යන්තර කටයුතු සදහා මෙතරම්දුරට බලපෑම් එල්ල කිරීමේ අරමුණු මොනවාද / සියලුම රටවල් එකසේ සලකා මෙවැනි චෝදනා වලට යටත් කරන්නේද වැනි කරුණු සිය නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්ණ කල බවයි විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.
අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජී එල් පීරිස් අමාත්‍යවරයා මෙලෙස කරුණු පැහැදිලි කලා.
මෙම මාධ්‍ය හමුවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාද එක්ව සිටියා.
එල් ටීටී ඊ ත්‍රස්තවාදය හමුවේ ශ්‍රී ලංකා රජය මුහුණ පෑ තත්වය සැසිවාරයේදී නෛතික ක්ෂේත්රයෙන් පැහැදිලි කල ආකාරය ඔහු මෙලෙස විස්තර කලා.
