අධ්‍යාපන වෘත්තීය සමිති ඉල්ලීම් වලට විසදුම් ලබාදෙමින් අද දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාව නිසි පරිදි ඉදිරිපත් නොවුනහොත් හෙට දිනයේදී කොළඹ නගරය පුරා දැවැන්ත උද්ඝෝශණ ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.
උසස් පෙළ විභාගයේ රාජකාරී සහ පිළිතුරු පත්‍ර ඇගයිමෙන් වැළකී සිටීමටද ඔවුන් මේ වනවිට තීරණය කර අවසන්.
මේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා.
රටපුරා සියලූම පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් අද සිට සාමාන්‍ය පරිදි රාජකාරිවලට වාර්තා කළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය සාමාජිකයන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේවකයන් සියලූ දෙනා සාමාන්‍ය පරිදි අද සිට රාජකාරිවලට වාර්තා කළ යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයාගේ එම චක්‍රලේඛයේ සඳහන්.
මේ අතර අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් පාසල් වෙත ගෙන්වා ගැනීමට රජය ගෙන ඇති තීරණයට කිසිවිටෙක අවනත නොවන ලෙසටයි ජෝසෆ් ස්ටාලින් මහතා සියලු ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.