කොවිඩ් වසංගතය රටතුළ පාලනය කිරීමේ වගකීම් දැරීමේදී සෞඛ්‍ය අමාත්‍යවරිය – අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා යන තුන්දෙනාම අසාර්ථක වී ඇතැයි සමගි ජන බලවේගය චෝදනා කරනවා.
සෞඛ්‍ය විෂය මධ්‍යගත කරනවා වෙනුවට අමාත්‍යංශ 4කට විමධ්‍යගත කිරීමද මෙරටතුළ කොවිඩ් වසංගතය පාලනය දුර්වලවීමට හේතුවක් බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ.
කොවිඩ් මර්දන එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව සෙසු රටවලට සාපේක්ෂව ඉදිරියෙන් සිටින බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යය බවද නලින් බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දුන්නා.