රජයන් විසින් සමාජයේ දුප්පත්ම ජන කොටස් වෙත ආහාර සහ බලශක්තිය වෙනුවෙන් සහනාධාර ලබාදිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එහි ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියෝජියේවා ප්‍රකාශ කළේ ලොව පුරා රටවල් රැසක ජනතාව ඉහළ යන ජීවන වියදම හමුවේ ගැටළුවලට මුහුණදෙන බවයි.
එම කාණ්ඩයන් ඉලක්ක කරගෙන ඍජුවම ජනතාව වෙත හිමිවන පරිදි සහනාධාර ලබාදිය යුතු බවයි අයි.එම්.එෆ්. ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියෝජියේවා සඳහන් කළේ.
එසේ නොවුණහොත් දැනට ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආකාරයේ මහජන විරෝධතා ලොව පුරා ඇතිවනු ඇති බවටද ඇය අනතුරු අගවා සිටියා.