ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මුලු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 03 කට ආසන්න වී තිබෙනවා.
ඊයේ දිනයේදී ආසාධිතයන් 1711 දෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 02 ලක්ෂ 99 දහස් 892 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 25 389 ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 70 දහස් 356 දක්වා ඉහළ ගියා.
මේ අතර මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4195 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනයේදී තවත් මරණ 48 ක් තහවුරු වීමත් සමගයි.
ඉන් 38 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 09 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
වයස අවුරුදු 30 ට අඩු එක් අයෙකුද ඊයේ මරණ අතරට අයත්.