ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවා ගියා.
ඒ ඊයේ (21) දිනයේදී තවත් කොවිඩ් ආසාධිත මරණ 198 ක් සටහන්වීමත් සමගයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් මරණ ගණන 7183 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ තහවුරු කල මරණ අතුරින් 154 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 44 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ශ්‍රී ලංකාවෙන් එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවද ඊයේ සටහන් වුණා.
ආසාධිතයන් 3884 ක් එලෙස තහවුරු වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 03 ලක්ෂ 85 දහස් 696 ක් බවට පත්වුණා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 55 දහස් 123 ක්.
මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ 23 දහස් 390 දක්වා ඉහළ ගියා.