ශ්‍රී ලංකාවේ සිදුකල කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන හරහා මෙරට සෛෟඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිය ලොවට පෙන්වා දීමට හැකියාව ලැබුණු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.
මෙරට කොවිඩ් මර්ධන එන්නත්කරණය ආරම්භ වී අදට වසරක් සපිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔවුන් ඒ බව අවධාරණය කලේ.
ඒ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මෙරට එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකලා.
කෙසේවෙතත් 03 වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට ජනතාවගේ මැළි කමක් පෙන්නුම් කරන බවයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා එහිදී කියා සිටියේ.
