මෙරටතුල ඊයේ (09) දිනයේදී පුද්ගලයින් හාරලක්ෂ අනූ දහස් අටසිය පස්දෙනෙකුට කොවිඩ් මර්දන එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා දී තිබෙනවා.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රා පුද්ගලයින් එක්ලක්ෂ පනස් තුන්දහස් නවසිය පනස් අට දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව තුන්ලක්ෂ හත්දහස් දෙසිය හැට හත් දෙනෙකුටත් ඊයේ දින ලබා දී ඇති බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව විසිපන්දහස් පන්සිය හැත්තෑ හයදෙනෙකුටත් – එහි දෙවන මාත්‍රාව තුන්දහස් හයසිය විසි දෙනෙකුටත් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 169 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 215 දෙනෙකුට දී ඇති බවයි ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.
මේ අනුව මෙරටදී කොවිඩ් මර්දන එන්නත්වල මාත්‍රා දෙකම ලබාදීමෙන් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලු සංඛ්‍යාව තිස් දෙලක්ෂ හතලිස් නවදහස් හයසිය හැත්තෑව දක්වා ඉහළ යනු ඇති.