ශ්‍රී ලංකාවෙන් මේ දක්වා එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාවේ වාර්තාව ඊයේ නැවතත් අලුත් වුණා.
පෙරේදා දිනයේදී සිදුවූ කොවිඩ් මරණ 118 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී තහවුරු කරනු ලැබුවා.
මේ අනුව මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 5340 දක්වා ඉහළ ගියා. මෙම මරණවලින් 101 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 17 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2922 දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 03 ලක්ෂ 39 දහස් 092 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 35 708 ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 98 දහස් 162 දක්වා ඉහළ ගියා.