ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකීය ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර, කිරිපිටි සහ ඖෂධ ලබාදීම සඳහා තමන්ට අවසර ලබාදෙන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සඳහා ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් ඉදිරිපත් කළ යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී අද ඒකමතිකව සම්මත වුණා.
ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් එහිදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට සහල් ටොන් 40,000 ක්, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 137 ක් සහ කිරිපිටි ටොන් 500 ක් යැවීමට අපේක්ෂා කරන බවයි.
පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම සඳහා එම ද්‍රව්‍ය තමිල්නාඩු ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට එවීම සඳහායි මධ්‍යම රජයේ අවසරය ඉල්ලා ඇත්තේ.
ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ අසල්වැසි ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම සඳහා පැය ගණනක් පෝලිම්වල රැදීමට සිදුවීම වේදනාකාරි කරුණක් බවයි.
