ජපන් රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබීමට ප්‍රමාද වන බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
එම එන්නත් තොගය අද හෝ හෙට දිනයේදී ලැබීමට නියමිතව පැවතියද ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
