කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් රෝහල් ධාරිතාව ඉහළයමින් පවතින අවස්ථාවක ඒ සදහා අවශ්‍ය වන ඇදන් ප්‍රමාණය ඉහළ නංවා විසදුමක් දීමට ආණ්ඩුවට මෙතෙක් නොහැකිවී ඇති බවට සමගිජනබලවේගයේ චෝදනා කරනවා.
අද පැවැති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනුයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සදහන් කළේ.
රෝහල් ධාරිතාව ඉහළ යාම හේතුවෙන් කලුබෝවිල සහ රාගම රෝහල්වල හටගෙන ඇති වත්මන් තත්වය හේතුවෙන් කොවිඩ් රෝගීන් පත්ව ඇති අපහසුතාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මහතා මෙලෙස අදහස් පළකලා.