ඉල්ලීම් 10 ක් මුල් කරගනිමින් අද හා හෙට අසනීප නිවාඩු වාර්තා කරමින් දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
දීර්ඝ කලක් තිස්සේ මෙම ගැටලු සදහා නිසි විසදුම් නොලැබීම හමුවේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි නිව්ස් රේඩියෝවට සදහන් කළේ.