සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු, අඩු අවධානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුල වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීමට පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අවධානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරිමටයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් ඇතුලූ සියළුම සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇත්තේ.
මේ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර 1390 අංකය හරහා රෝගීන් කළමණාකරණ කටයුතු සිදු කරනු ඇති.
මෙමගින් රෝගියාට පහසුවෙන් තම නිවසේ සිට දින 14 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත හැකියි.
යම් හෙයකින් රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් කඩිනමින් එම රෝගීන් පිළිබද තොරතුරු දුරකථන ඔස්සේ ලබාගෙන රෝහල්ගත කිරිමට පියවර ගනු ලබන අතර, මෙම ක්‍රමවේදය මගින් අනවශ්‍ය ලෙස රෝගීන් රෝහල් ගත කිරීමෙන් රෝහල් වාට්ටු තුල ධාරිතාවය පිළිබද ගැටළු සහගත තත්ත්වයන් අවම වනු ඇති.
පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරික්ෂාවෙන් පසු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගන්නා ලද්දේ නම් ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හට ලබාදී ඇති මාර්ගෝපදේශ නිර්ණායකයන්ට අනුකූලව එම රෝගීයා පරික්ෂා කර නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම හෝ රෝහල් ගත කිරීමට පියවර ගැනිම සිදු කරනු ලබනවා.
මෙහිදී රෝගියා නිවෙස් තුල ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සදහා තම කැමැත්ත ද පළ කළ යුතුයි.
නිවෙස් තුල රඳවන රෝගීන් කළමණාකරණය කළ යුතු ආකාරය ද මාර්ගෝපදේශ මාලාවෙන් පෙන්වා දී ඇති අතර අනතුරුව පරිගණක තාක්ෂණය ක්‍රමවේදය ඔස්සේ රෝගීන් ලියාපදිංචිය සිදු කිරීමට නියමිතයි.
දින 14 කින් පසු රෝගියා මුදා හැරීමෙන් පසු රෝගීන් අධීක්ෂණ කටයුතු එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා අඛණ්ඩව සිදු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
