හෙරොයින් කිලෝ 300 ක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමග ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
දැනට ඩුබායි සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන ගෝලයකුට මෙම මත්ද්‍රව්‍ය තොගය අයත් බවටයි විශ්වාස කෙරෙන්නේ.
එම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 300 කට අධික බවටයි සැක කෙරෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යාත්‍රාව හෙට උදාසන ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිතයි.
