රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් පහරකෑමට ලක්ව රෝහල් ගත කර තිබේ.
එම විද්‍යා පීඨයේ අධ්‍යාපනය හදාරා දැනට පුහුණු ගුරුවරුන් ලෙස කටයුතු කරන සිසුන් කණ්ඩායමක් විසින් විද්‍යා පීඨයේ නේවාසිකව සිටි සිසුන් පිරිසකට පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස ඊයේ (26) රාත්‍රියේ සාදයක් පවත්වා ඇති අතර පසුව ඒ අතර සිටි 50 කගෙන් සමන්විත පිරිසක් විද්‍යා පීඨ පරිශ්‍රයට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්ය.
තුවාල ලැබූ සිසුන් 12දෙනෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා විසින් සිදුකළ පැමිල්ලක් අක්මීමන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
