රුසියාව විසින් සිදුකරන යුක්රේන ආක්‍රමණය හෙළාදැකීම සඳහා ජගත් ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාවක් රුසියාව විසින් නිශේධ බලය යොදා පරාජයට පත්කර තිබෙනවා.
යෝජනාවට පක්ෂව අමෙරිකාව ඇතුලු රටවල් 11 ක් ඡන්දය භාවිත කල අතර කවුන්සිලයේ සභාපතිත්වය දරන රුසියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කලා.
චීනය – ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයක්.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සහ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට එරෙහිව අමෙරිකාව විසින් දැඩි සම්බාධක පණවා තිබෙනවා.
වත්කම් තහනම් කිරිම මෙන්ම සංචාරක තහනමක්ද ඊට අයත්. රුසියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 339 දෙනාටම ඔස්ටේ්‍රලියාව විසින් සම්බාධක පණවා තිබෙනවා.
එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාට සහ විදේශ අමාත්‍යවරයාට බලපැවැත්වෙන පරිදි සම්බාධක පැණවීම කෙරෙහිද අවධානය යොමුවී ඇති බවයි එරට විදේශ ඇමතිනී මරිස් පේන් සඳහන් කලේ.
යුක්රේනයට යුධමය නොවන ආධාර සැපයීමට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් රජය ඊයේ දිනයේදී තීරණය කරනු ලැබුවා.
යුක්රේන ආක්‍රමණය සඳහා රුසියාවට සහය දක්වන බෙලරුසියානු රජයේ නියෝජිතයන්ට එරෙහිව සම්බාධක පැණවීමටද ඔස්ටේ්‍රලියාවේ අවධානය යොමුවී ඇති බවයි විදේශ ඇමතිනිය තවදුරටත් කියාසිටියේ.
රුසියානු හමුදා යුක්රේනයේ කිව් නගර මධ්‍යයට සමීපවීමත් සමග පිපිරීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
මේ අතර ජනතාව අමතමින් යුක්රේන ජනාධිපති වොලොඩ්මිර් සෙලෙන්ස්කි සඳහන් කලේ රුසියානු හමුදා තවත් පැය කිහිපයකින් කිව් අගනුවර වටලනු ඇති බවයි.
එමෙන්ම තමා රටින් බැහැරව ගොස් නොමැති බවද සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කලා.
සටන් විරාමයකට යොමුවී සාකච්ඡා කිරීමට තමන් තවමත් විවෘත බවද යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කලා.
මේ අතර රුසියාවට අයත් විශාල යුධ ගුවන් යානයක් බිම හෙලූ බව යුක්රේනය නිවේදනය කරනවා.
ඊයේ දිනය වනවිට සිවිල් වැසියන් 18,000 කට පමණ ආරක්ෂාව පතා ස්වයංක්‍රීය ගිණි අවි නිකුත් කර තිබූ බවයි යුක්රේනය නිවේදනය කලේ.
මේ අතර රුසියාවට අයත් පුද්ගලික ගුවන් යානා වලට හෝ සිය ගුවන් කලාපයට ඇතුලුවීමට අවසර නොදීමට මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා.
