රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධ නඩුව නිෂ්ප්‍රභ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
අයර්ලන්ත සමාගමක් විසින් පවරා ඇති නඩුව අද නැවත කැඳවනු ලැබුවේ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් අරුණ පෙරේරා මහතා හමුවේයි.
එහිදී නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බැවින් නඩුව නිෂ්ප්‍රභ කරන බවයි විනිසුරුවරයා සඳහන් කලේ.