කෘෂිකාර්මික සංවර්ධන සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
කෘෂිකාර්මික සංවර්ධන සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ඇතුලු පිරිසක් සමග අමාත්‍යවරයා පැවැත්වූ සාකච්ඡාවකදියි මේ බව යෝජනා වී ඇත්තේ.
රුවන්ඩා රාජ්‍යයේ තානාපතිවරියද මෙම සාකච්ඡාවට එක්වුනා.
රුවන්ඩාවේ කෘෂි තාක්ෂණය මෙරටට ලබාදීමටත්, මෙරට අපනයන නිෂ්පාදන මිළදී ගැනීම පිළිබඳවත් මෙහිදි අවධානය යොමුවු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කලේ.