නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති කාලසීමාවේදී අඩු අදායම් ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2000 දීමනාව ප්‍රමාණවත් නැතැයි රජය පිළිගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
පවතින අර්බුදකාරී තත්වය හමුවේ අඛණ්ඩව මූල්‍ය සහන ලබාදීම රජයට ප්‍රබල ගැටලුවක් බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා විසින් උපදෙස් දුන් බවද රමේෂ් පතිරණ මහතා මෙහිදී අනාවරණ කළා.
ජාතික පුවත්පතක අද සදහන්ව තිබූ පුවතක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මූල්‍ය විනය දැඩිලෙස පවත්වාගෙනයාමට මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත උපදෙස් කිහිපයක් දුන් බවයි.