ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් කීපයක් තුළ සගවා තිබූ රුපියල් කෝටි 02 ක් (රුපියල් මිලියන 20 ) ක් වටිනා ” කුෂ්” නැමැති ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 11/25 දින අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
මීට මාසයකට පමණ පෙර එංගලන්තය , ඇමෙරිකාව , ඉතාලිය සහ කැනඩාව යන රටවලින් කොළඹ , අහංගම , පිළියන්දල සහ මහනුවර යන ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් එවා තිබුණි.
රේගු නිලධාරීන් විසින් මෙම පාර්සල් වල හිමිකරුවන් , ඒවා භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම නිසා , එම ලිපිනයන් පිළිබඳව සොයා බැලීමේදී , එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු වී තිබුණි .
පසුව මෙම ගුවන් තැපැල් පාර්සල් 10 විවෘත කර පරීක්ෂා කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබූ අතර , එහිදී කිලෝ ග්රැම් 01 යි ග්රැම් 300 ක් බරැති මෙම “කුෂ්” නැමැති ගංජා තොගය ඒවා තුළ තිබී අත් අඩංගුවට ගෙන තිබුණි .
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබේ .