රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කලේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සහ තවත් ජේලර්වරයෙකු මන්ත්‍රීවරයා රඳවා සිටින සිර මැදිරිය අසළට යන විට මන්ත්‍රීවරයා එය පිටතට විසිකර ඇති බවයි.
කෙසේ වෙතත් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගත් එම ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂාව සඳහා බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලබාදී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් භාවිත කිරීමේ චෝදනාව මත රිශාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව විනිශ්චය මණ්ඩලයක් හමුවේ කටයුතු කිරිමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
