පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය ලබාදුන්නේ.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය අප්‍රේල් මස 24 වනදායි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
