හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කළ 16 හැවිරිදි දැරියක පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිද, ඇයගේ පියා සහ අදාළ දැරිය නිවසට රැගෙන ආ පුද්ගලයා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී අනාවරණය වූ මන්ත්‍රීවරයාගේ නිවසේ මීට පෙර මෙහෙකාරියක ලෙස සේවය කළ කාන්තාවක දූෂණයට ලක්කිරීමේ චෝදනාට අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ සහෝදරයාද අද දිනයේදී අද කොළඹ අලූත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
