පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මරණ තර්ජන කළ බව පවසමින් බන්ධනාගාර වෛද්‍යවරයෙකු බොරැල්ල පොලීසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.
පොලිස්පතිවරයා විසින් දන්වා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය හරහා එම විමර්ශනය සිදුකරන ලෙසයි.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු විසින් කර ඇති අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ පසුගිය 15 වනදා තමන් වෙනත් රෝගී රැඳවියෙකු පරීක්ෂා කරමින් සිටියදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණ ඇති බවයි.
එහිදී මන්ත්‍රීවරයාට පිටතින් සිටින ලෙස කල දැනුම්දීමත් සමග ඔහු තමාට මරණීය තර්ජන එල්ල කල බවයි අදාළ වෛද්‍යවරයා පොලිසියට කල පැමිණිල්ලේ දක්වා ඇත්තේ. වෛද්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරියට සහ බන්ධනාගාරයේ ඉහළ අංශ වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව බොරැල්ල පොලීසිය වෙත ද ලිඛිතව පැමිණිලි කර තිබෙනවා.
අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මතයි කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්නේ.
සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාගෙන් ඊයේ දහවල් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගෙන ඇති බවද පොලිසිය සඳහන් කලා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
