පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් ගේ නිවසේ සිටි දැරියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් ආරක්ෂා කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගය පවසනවා.
තරාතිරම නොබලා මෙම සිද්ධියට සම්බන්ධ සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක කල යුතු බවයි කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කියාසිටියේ.
ළමුන් නිවාස මෙහෙකාර සේවයේ යෙදවීම තහනම් කිරීමේ නීති වහා ගෙන එන ලෙසටද ඉරාන් වික්‍රමරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියා.
