හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ 16 හැවිරිදි දැරියක මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී තවත් ප්‍රකාශ කිහිපයක්ම සටහන් කරගෙන තිබෙනවා.
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ 2009 සිට 2010 දක්වා කාලය තුළ සේවය කළ තවත් කාන්තාවකට ද රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ සහෝදරයා විසින් ලිංගික අතවර කළ බවට ඊයේ දිනයේදී ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව අදාල කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මීට අමතරව මෙම කාන්තාව සමග 16 හැවිරිදි දැරිය මිය ගිය නිවසට ගොස් නිරීක්ෂණ සටහන් කර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
