පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක මියයාමේ සිද්ධිය පිළිබද සමාජ මාධ්‍යයේ පළවන සටහන් ඉදිරි විමර්ශනවලට බාධාවක් නොවන්නේදැයි අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදින් ප්‍රශ්ණ කළා.
ඊට ප්‍රතිචාර දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ එවන් ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ගැටළු ගණනාවක් නිර්මාණය වන බවයි.
මෙවන් දේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ පිළිබද වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවත් අමත්‍යවරයා පෙන්වා දුන්නා.
ගුරුවරුන්ගේ වැටුප් ඉහල නැංවිම මේ අවස්ථාවේදි කළ නොහැකි බවට වන රජයේ ස්ථාවරය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අද දිනයේදී ගුරු සංගම් වෙත දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වර්ජන ක්‍රියාමාර්ගය පිළිබද ගුරවරුන් යළි සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිර’ණ මහතාද මෙහිදි අදහස් පළ කළා.
